බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන දින දෙකක විවාදයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව සභානායක බිමල් රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (14) අදාල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබාදෙන බව ද බිමල් රත්නායක මහතා කියාසිටියා.
මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව සඳහන්.
මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම අදාළ වාර්තාවල පිටපත් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කරන බවයි, සභානායක බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියාසිටියේ.