වායුගුණ තත්ත්ව දර්ශකය වෙනස් වූ හැටි

වායුගුණ තත්ත්ව දර්ශකය වෙනස් වූ හැටි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය අද (10) දින මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එමෙන්ම යාපනය, වවුනියාව, කෑගල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, පොළොන්නරුව සහ මොනරාගල යන නගරවල යහපත් මට්ටමක පැවැතිය හැකියි.

කෙසේ වෙතත් පෙර දිනය තුළ, දිවයින‌ේ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවැතුණා.

ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය, මඩකලපුව හා අනුරාධපුර යන නගරවල සුළු වශයෙන් අහිතකර තත්ත්වයක පැවැති බව සඳහන්.

Share This