පුනගරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් භාරගැනීම ආරම්භ වෙයි

පුනගරි, මන්නාරම සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් භාරගැනීම ආරම්භ වෙයි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනගරි ප්‍රාදේශීය සභාව, මන්නාර දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවලට ඇප  මුදල් භාර ගැනීම අද (10) සිට සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මාර්තු මස 26 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

එමෙන්ම මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා නාමයෝජනා භාරගන්නා බවයි, මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

Share This