රුපියල් මිලියන 175ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් මිලියන 175ක් වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් කැනේඩියානු කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (09) රාත්‍රියේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව අවුරුදු විස්සක් හැවිරිදි උපාධි අපේක්ෂක තරුණියක් වන අතර ඇය ලංකාවට පැමිණ ඇත්තේ පළමු අවස්ථාව මෙය වේ.
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කැනඩාවේ ටෝරෝන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට රාත්‍රි 8.30 තිහාර්ඩ් ගුවන් සේවයේ ඊ. වයි. 396 ධරන් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඇත.
ඇය සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය කිලෝ 17යි ග්‍රෑම් 57 මෙරට ගෙනවිත් ඇති බවයි සඳහන් වන්නේ.
සැකකාරිය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරදෙනු ලැබේ.
චන්දන ලක්මාල්