ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 78ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 245ක්.
එහිදී මැඩි ග්‍රීන් ලකුණු 100ක් ලබාගැනීමටයි සමත් වුණේ.
පන්දුයැවීමේදී චමරි අතපත්තු කඩුලු 02ක් දවාගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.4ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 167ක් පමණයි.
එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 59ක් රැස්කරගත්තා.
පන්දු යැවීමේදී හානාහ් රෝව් කඩුලු 04ක් දවාගැනීමටයි සමත් වුණේ. තරගය පැවැත්වුණේ, සැක්ටොන් ඔවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.