“අමෙරිකාව සමඟ ඕනෑම ආකාරයක යුද්ධයකට අපි සූදානම්” චීනය කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිවන වෙළඳ තීරුබදුවලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමෙන් පසු චීනය ඕනෑම ආකාරයක යුද්ධයකට සටන් කිරීමට සූදානම් බව එක්සත් ජනපදයට අනතුරු අඟවා තිබේ.
ඒ එක්සත් ජනපද කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා 10-15% ක තීරුබදු පැනවීමට චීනය ඉක්මනින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමගය.
ට්‍රම්ප් සියලු චීන භාණ්ඩ සඳහා වැඩි තීරුබදු පැනවීමෙන් පසු ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක වෙළඳ යුද්ධයකට සමීප වී තිබේ.
“ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ යුද්ධය නම් එය තීරුබදු යුද්ධයක්, වෙළඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා අවශ්‍ය ඕනෑම ආකාරයකට අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්” යැයි චීන තානාපති කාර්යාලය පවසයි.
මෙය ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසු චීනයෙන් මෙතෙක් එල්ල වූ ප්‍රබලම කතාවලින් එකකි.
බදාදා චීන අගමැති ලී ක්වාං නිවේදනය කළේ චීනය මේ වසරේදීත් සිය ආරක්ෂක වියදම් 7.2% කින් ඉහළ නංවන බවයි.
මෙම වැඩිවීම අපේක්ෂා කළ අතර එය පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළ සංඛ්‍යාවට අනුරූප වේ.
වෙළඳ යුද්ධයක තර්ජනය තිබියදීත් රටේ ආර්ථිකය වර්ධනය විය හැකි බවට තමන් විශ්වාස කරන බවට චීන නායකයින් චීනයේ ජනතාවට පණිවිඩයක් යැවීමට උත්සාහ කරති.
කැනඩාව සහ මෙක්සිකෝව වැනි ඇමරිකානු සහචරයින්ට තීරුබදු පැනවීමට ලක්ව ඇති ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට චීනය බලාපොරොත්තු විය හැකිය.
චීනය දිගටම විවෘත වන බවත් තවත් විදේශ ආයෝජන ආකර්ශන කර ගැනීමට බලාපොරොත්තු වන බවත් බදාදා බීජිං හි පැවති අගමැතිගේ කතාවෙන් අවධාරණය කෙරිණි.
චීනය අතීතයේ දී යුද්ධයට යාමට සූදානම් බව අවධාරණය කර ඇත.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ස්වයං පාලන දූපතක් වන තායිවානය වටා හමුදා අභ්‍යාස පැවැත්වූ විට යුද්ධයට ඔවුන්ගේ සූදානම ශක්තිමත් කරන ලෙස ජනාධිපති ෂී හමුදා ඉල්ලා සිටියේය.
නමුත් හමුදා සූදානම සහ යුද්ධයට යාමට සූදානම අතර වෙනසක් තිබේ.
සඳුනි තිලකරත්න