ඉන්දියාවට ලකුණු 265ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 265ක ඉලක්කයක්

2025, ශූරයින්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට ලකුණු 265ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 264ක්.

එහිදී ස්ටීව් ස්මිත් ලකුණු 73ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 61ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී මොහොමඩ් ෂමි කඩුලු 03ක් බිඳහෙළීමටයි සමත් වුණේ.

Share This