පාප් වහන්සේගේ තත්ත්වය අයහපත් අතට

පසුගිය දිනවල නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගතව සිටි 88 හැවිරිදි පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට හැරී ඇති බව වතිකානුව නිවේදනය කරයි.
ඒ අනුව පසුගියදා උන්වහන්සේට දෙවරක් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිව තිබේ. මේ හේතුවෙන් යළිත් වරක් පාප් වහන්සේට ඔක්සිජන් ලබාදීම සිදුකෙරේ. වෛද්‍යවරුන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන බව පවසයි.
කෙසේ වෙතත් තමා කෙතරම් අපහසුතාවයකින් සිටියද පාප් වහන්සේ තමාගෙන් ඉටුවිය යුතු කාර්යයන් පිළිබඳව සොයාබලන බව වතිකානුව ප්‍රකාශ කරයි.
සඳුනි තිලකරත්න