වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් හෙට (05) දින දිවයින පුරාවට ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.
අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින්, ඔවුන් මෙම විරෝධතාව සිදු කිරීමට සැලැසුම් කළා.