ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය විරෝධතාවක

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය විසින් අද (04) රාජගිරියේ සිට බත්තරමුල්ල පොල්දුව මන්සන්ධියක දක්වා විරෝධතා පා ගමනක් සංවිධාන කර තිබුණා.
ඒ, සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙනු, රැකියාව අයිතියක්, උපාධියට තැනක් දෙන ලෙස සහ තවත් ඉල්ලීම් රැසක් ඉල්ලමින්.
පා ගමනින් පැමිණි විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මන්සංදියේ විරෝධතාවක ද නිරත වුණා.
මෙම විරෝධතාවට එරෙහිව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණ නියෝගය ලබාගෙන තිබුණා.
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන