ඛනිජ තෙල් බෙදුම්කරුවන් වර්ජනය අවසන් කරන්න තීරණය කරයි

ඛනිජ තෙල් බෙදුම්කරුවන් වර්ජනය අවසන් කරන්න තීරණය කරයි

සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි කඩිනමින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි උප සභාපති කුසුම් සඳනායක මහතා මේ බව සඳහන් කළා.

එමෙන්ම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි, ඔහු කියාසිටියේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මේ පිළිබඳව සිය සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

තම සංගමය විසින් ගන්නා ලද තීරණයෙන් රටේ මහජනතාවට හානියක් සිදුවිය හැකියි. බලධාරින් සාකච්ඡාවක් ලබා නොදීම හේතුවෙන් මම ගැටලුව දුරදිග ගිය බවයි, කුසුම් සඳනායක මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් හෙට පෙරවරු 09.00ට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

Share This