සුඩානයේ ගුවන් අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

සුඩානයේ ගුවන් අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

සුඩානයේ හමුදාවට අයත් යානයක් අනතුරකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම අනතුර ඊයේ (25) දින සිදුව ඇති බවයි.

ඉන් හමුදා නිලධාරින් මෙන්ම සිවිල් ජනයා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල මෙම අනතුර සිදුව තිබෙනවා.

තාක්ෂණික හේතුවක් මත අදාළ යානය කඩා වැටීමට ලක්ව ඇති බවයි, සුඩාන හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This