අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරයා

ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ මංගල විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඊයේ (25) පස්වරුවේ වැඩි ඡන්ද 109කින් සම්මත වුණා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 155 හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 46 ක් පමණයි.
ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 201ක් සිටි බව සඳහන්.
එහිද ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කල නාදන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයක්.
2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණා.
මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතයි.
2025 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි ප.ව 6.00ට පැවැත්වීමට නියමිත බව සඳහන්.