අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 7ක හිඟයක්
පිළිකා රෝගවලට ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7 ක් හිඟ බව අනාවරණ වී තිබෙනවා.
අද (29) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී, රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා ප්‍රකාශ කළේ, බොන බෙහෙත් වර්ග දෙකක් සහ එන්නත් වර්ග පහක් හිඟ බවයි.
ඖෂධ ලියාපදිංචිය, සැපයුම් සහ ආනයන ක්‍රියාවලියේ ගැටළු කිහිපයක් මෙම හිඟයට බලපා ඇති බව ද ඒ මහතා පෙන්වා දෙනවා
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කඩිනමින් අදාළ ඖෂධ සපයාගැනීමට කටයුතු කරමින් සිටින බවයි, ඔහු කියාසිටියේ.
ඖෂධ 28ක් සහ එන්නත් 33ක් ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.