කාසියේ වාසිය දිනූ කැන්ගරුවන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමිව ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ ස්ටීව් ස්මිත් විසින්.
දිමුත් කරුණාරත්න, ඔෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, නිෂාන් පිරීස්, ජැෆ්රි වැන්ඩර්සේ සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.
එමෙන්ම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන්නේ, උස්මාන් කවාජා, ට්රැවීෂ් හේඩ්, මානෂ් ලබුශේන්, ස්ටීව් ස්මිත්, ජෝශ් ඉංගලීෂ්, බ්යෙු වෙබ්ස්ටර්, ඇලෙක්ස් කේරි, මිචල් ස්ටාක්, මැතිව් කුන්මේන්, නෙතන් ලයන් සහ ටොඩ් මර්ෆි යන ක්‍රීඩකයින්.
එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝශ් ඉංග්ලීෂ් 470 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස වරම් හිමි කරගත්තා.
මෙම තරගය පැවැත්වෙන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.