ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ වතු ආශ්‍රිත නිවාස 4,700ක්

ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක නිවාස 10,000 ව්‍යාපෘතිය යටතේ මේ වසරේදී වතු ආශ්‍රිත නිවාස 4,700ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.
මීට පෙර නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී දේශපාලන හිතවත්කම් මත සිදුවී ඇති බවට කරුණු වාර්තා වුණා. මෙවර කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රමුඛතාවය මත වඩාත් විනිවිදභාවයකින් එම කටයුතු සිදුකරන බවයි සමන්ත විද්‍යාරත්න මහතා කියාසිටියේ.
මෙහිදී නායයෑමේ අවධානම සහිත ප්‍රදේශවල පිහිටි නිවාසවල ජීවත්වන ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව ද ඒ මහතා සඳහන් කළා.
තවද ඔහු කියා සිටියේ, වතු නිවාස වැඩිදියුණු කරමින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දේශීය අරමුදල්වලින් රුපියල් මිලියන 1,300ක් වැය කිරීමට අපේක්ෂා කරන බවයි.