2026 ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිස චීනයේ ගුඅන්ෂි තේ සමුළුවට පිටත් වෙයි
2026 ජාත්‍යන්තර තේ දිනය වෙනුවෙන් චීනයේ පැවැත්වෙන ප්‍රධාන තේ සමුළුවට සහභාගී වෙන්න ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (19) කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ ගුඅන්ෂි ප්‍රදේශය බලා පිටත්ව ගියා.
මෙම ජාත්‍යන්තර තේ දින සමුළුව මැයි 20 සිට 23 දක්වා චීනයේ නැන්නින් නගරයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර සමුළුවේදී ලෝක තේ කර්මාන්තයේ නව ප්රවණතා සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.
සමුළුවේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන මැයි 21 වනදා, චීනයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය Zhang Zhu මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීමටත් නියමිතයි. එහිදී දෙරට අතර තේ කර්මාන්තයේ දියුණුව සහ සහයෝගීතාව ගැන අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මෙම සංචාරයට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධිකාරීවරයා සහ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාද එක්ව සිටිනවා.
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන තේ නිෂ්පාදන රටවල් කිහිපයක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර, චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, ගුඅන්ෂි ජුවාන්ග් ස්වායත්ත කලාප බලධාරීන්, විවිධ පළාත් සහ මහනගර නියෝජිතයින් රැසක්ද මේ සඳහා එක්වනවා.
එමෙන්ම ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින්, තේ සමාගම් නියෝජිතයින් සහ තේ ව්‍යාපාරික සංගම්ද ආරාධිතයින් ලෙස මෙම සමුළුවට සහභාගී වීමට නියමිතයි.
