“සර්ව පාක්ෂික සමුළුව කැඳවන්න” මන්ත්‍රී හර්ෂ ද සිල්වා

හර්ෂද සිල්වා පවසන්නේ, රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ වහාම “සර්ව පාක්ෂික සමුළුවක්” කැඳවිය යුතු බවයි. රුපියලේ අගය දිගින් දිගටම පහළ යාම සහ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව ඔහු සඳහන් කරනවා.
ඒ නිසා ජනතාව තවදුරටත් අසරණ තත්ත්වයට පත්වීමට ඉඩ නොදිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.
හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ, රට නැවතත් භයානක ආර්ථික ගමන්මගකට ගමන් කරමින් සිටින බවයි. එම තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා සියලු පක්ෂ එකට එක්වී හදිසි ජාතික විසඳුම් සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතු බවද ඔහු පවසනවා.
මෙම අදහස් ඔහු ප්‍රකාශ කර ඇත්තේ Sajith Premadasa විසින් කැඳවූ විපක්ෂයේ ඒකාබද්ධ හමුවකට සහභාගී වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කරයි.
