මහින්දානන්ද බැලීමට ගිය අයෙකු මත්පැන් සමඟ අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ බැලීමට පැමිණි පුද්ගලයෙකු මත්පැන් බන්ධනාගාරය තුළට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ, සිසිල් බීම බෝතල් තුළ අරක්කු දමා බන්ධනාගාරය තුළට රැගෙන යාමට ඔහු උත්සාහ කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල පොලිසිය වෙත භාරදී ඇති අතර, ඊයේ (31) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි. නඩුව හෙට (02) චෝදනා ගොනු කිරීම සඳහා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ යළි කැඳවීමට නියමිතයි.

Share This