නිරිත දිග මෝසම සක්‍රිය වුණා -ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි නිරිත දිග මෝසම මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදීත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවට පවසනවා.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි පවා ලැබිය හැකි බව කාලගුණ අංශය කියනවා. ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා.
උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර ප්‍රදේශවල පස්වරුවෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දැනුම් දෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලට පැයට කිලෝමීටර් 35ත් 45ත් අතර තරමක තද සුළං හමා යා හැකි බවද සඳහන්
