තෙල් මිල ගැන ඉඟියක් ගැටුම් නිමවූ සැණින් තෙල් මිල පහලට! අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

Nalinda Jayatissa appointed new Cabinet Spokesman

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි උච්ඡාවචනයන් හේතුවෙන් ඉදිරියේදී තෙල් මිලේ යම් ඉහළයෑමක් සිදුවිය හැකි බවයි.

එසේ වුවද, සමස්ත මිල ඉහළ දැමීමක් සිදු නොකර, එම වියදමින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය මඟින් දරාගන්නා බවද ඔහු පැවසීය.

තවද, වර්තමානයේ ඉහළ දමා ඇති තෙල් මිල ගණන් යුදමය තත්ත්වය පහව ගිය පසු හැකි ඉක්මනින් අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This