තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි… වෙනස් ලෙස හිතන්නේ මෝඩයන්….
ඉරාන න්යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් අනතුරුව කෙටි කාලීනව තෙල් මිල ශීඝ්ර ලෙස පහත වැටෙනු ඇති බවත්, එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලෝකයේ ආරක්ෂාව හා සාමය උදෙසා ගෙවිය යුතු ඉතා කුඩා මිලක් බවත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
මෙම අදහස හැර වෙනත් ලෙස සිතීනම් එය මෝඩකමක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ජාත්යන්තර සාමය සහතික කර ගැනීම සඳහා කෙටිකාලීන ආර්ථික බලපෑම් විඳ දරා ගැනීමට සිදුවනු ඇති බවත්, ඉරාන න්යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව බලශක්ති වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයක් ඇති වනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ප්රකාශය සම්බන්ධයෙන් ජාත්යන්තර බලශක්ති විශ්ලේෂකයින් විවිධ මත පළ කරමින් සිටින අතර, ඉදිරි සති කිහිපය තුළ තෙල් මිල ගණන්වල සැලකිය යුතු වෙනස්කම් සිදුවිය හැකි බවට අනතුරු අඟවයි.
