කෝටි ගණනක ටෙන්ඩරයකින් යල් පැනගිය උපකරණ මිලදී ගැනීමට සූදානමක්

රෝහල්වල විකිරණ අංශවල භාවිතා කරන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් 2026 මාර්තු මාසයේදී ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

මෙම ටෙන්ඩරය යටතේ රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුතු විකිරණ ආරක්ෂිත කබා, හිස ආවරණ, කණ්ණාඩි සහ තයිරොයිඩ් ආරක්ෂක ඇතුළු උපකරණ විශාල තොගයක් මිලදී ගැනීමට නියමිතයි.

සාමාන්‍යයෙන් හෘද කැතීටරකරණ ඒකක, ශල්‍යාගාර සහ අනෙකුත් විකිරණ භාවිතා කරන අංශවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා මේ උපකරණ භාවිතා වෙනවා.

නමුත් වාර්තා අනුව, මෙම ටෙන්ඩරයට අදාළ පිරිවිතර (Specifications) සකස් කර ඇත්තේ පැරණි තාක්ෂණයට අනුව බවත්, නවීන හා වඩා සැහැල්ලු, ආරක්ෂිත උපකරණ ඇතුළත් නොවී තිබෙන බවත් සඳහන්.

මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවයන් පෙන්වා දෙන්නේ, නව තාක්ෂණයට යොමු වුණා නම් වැඩි ආරක්ෂාවක්, අඩු බරක් සහ වැඩි කල්පැවැත්මක් ලබාගන්න පුළුවන් කියලායි.

දැනට ලැබෙන තොරතුරු අනුව, ටෙන්ඩර් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් පවතින අතර පැරණි පිරිවිතර අනුවම මිලදී ගැනීම් සිදු වෙමින් පවතින බවත් වාර්තා වෙනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය ඉල්ලා සිටිනවා.

Share This