කොණ්ඩ රන්ජි,පරවි සුදා,බටුවත්ත චාමර වනාතමුල්ලේ ගෝලබාලයන් සමග අත්අඩංගුවට?

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාල සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් පිරිසක් මැද පෙරදිග රටවල් කිහිපයකදී ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

1. කොණ්ඩ රංජි සහ කල්ලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී (UAE) කොටු වෙයි

2026 අප්‍රේල් 09 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ (UAE Defense) විසින් සිදු කළ විශේෂ වැටලීමකදී රංජිත් කුමාර නොහොත් ‘කොණ්ඩ රංජි’ ඇතුළු 10 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඉරාන ජාතිකයෙකු සමඟ සිදු කළ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් පිළිබඳ ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පහත ප්‍රධාන සැකකරුවන් සිටින බව අනාවරණය වේ:

  • වනාතේ දුමින්ද: සිරිසර උයනේ පස් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු.

  • අකිල නිලංග, චතුරංග (සුදූ), කළණ සත්සර: කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාලවල සාමාජිකයන්.

  • චතුර බුද්ධික (ලොකු මල්ලි): පරෙවි සුදා සහ කොණ්ඩ රංජිගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැක කෙරේ.

  • අවන්ති (ලුනා) සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු: ජාවාරම්වලට අනුබල දීම සම්බන්ධයෙන්.

2. ‘පරෙවි සුදා’ පකිස්ථානයට පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පරෙවි සුදා’ ඩුබායි පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මොහු බෝට්ටුවක් ආධාරයෙන් පකිස්ථානය බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදීය. මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග රැසක් පිටුපස මොහු සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

3. ‘බටුවත්තේ චාමර’ බහරේන් රාජ්‍යයේදී කොටු වෙයි

බහරේන් රාජ්‍යයේ සිදුවූ දේශීය වැටලීමකදී ප්‍රධාන පාතාල කල්ලි නායකයෙකු වන ‘බටුවත්තේ චාමර’ අත්අඩංගුවට පත්ව ඇත. බරපතල අපරාධ රැසකට අවශ්‍යව සිටි මොහු, බහරේන් ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එරට බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව පැවසේ.

Share This