කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2026 මැයි 19 වැනිදා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණු බුද්ධි තොරතුරක් මත, බේරුවල පොලිසියත් එක්ව එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එහිදී විකිණීමට සූදානම් කර තිබූ කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා බේරුවල පොලිසියට භාර දී තිබෙනවා.

Share This