අමරිකාව දිනනතුරු සටන දිගටම – අමෙරිකාවේ ආරක්ෂක ලේකම් කියයි
අමෙරිකාව සිය අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් ඉරානයට එරෙහි මෙහෙයුම් නතර නොකරන බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා පැවසීය.
මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් කිසිදු අවසානයක් හෝ සීමාවන් පිළිබඳව සතුරු පාර්ශ්වයට හෝ ප්‍රසිද්ධියේ දැනුම් දීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ජයග්‍රහණය අරමුණු කර ගනිමින් අමෙරිකාව වෙනුවෙන් මෙම සටන සිදුකරන බවත්, අමෙරිකාව සමඟ සටන් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ඉරානයට වැටහුණු පසු එරට යටත් වනු ඇති බවත් හෙග්සෙත් මහතා සඳහන් කළේය.
මේ වන විට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම පාහේ අවසන් කර දමා ඇති බව ද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
