බයිඩන් සිය පුතාට දුන් ජනාධිපති සමාව අහෝසි කරන්න ට්‍රම්ප්ගෙන් නියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය භාර ගැනීමට පෙර එවක හිටපු ජනාධිපති ජෝ බයිඩන් සිය ඇමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට පෙර නියෝග කිහිපයක් ලබා දී තිබුණි. ඒ අතරින් අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජනාධිපති සමාව දීම ප්‍රකට කරුණකි.
නමුත් එම ජනාධිපති සමාව බල රහිත කිරිමට වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
බයිඩන් මෙම පිරිසට ලබා දුන් සමාව පිලිගත නොහැකි බවත් බයිඩන් යහපත් කල්පනාවකින් එම තීන්දුව ලබා දුන්නා යැයි ට්‍රම්ප් විශ්වාස නොකරයි. මන්ද ඔහු සමාව ලබා දුන් අය අතර හන්ටර් බයිඩන්ට අමතරව දේශපාලන මැරයන් පවා සිටින බව අනාවරණය වී තිබේ.
- සඳුනි තිලකරත්න