ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ (වීඩියෝ)

ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ (වීඩියෝ)

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී පැවැත් වේවෙනවා.

ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය ජනාධිපති, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රකයින් රැසක් එක්ව සිටියා.

————————————————–

ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 10ට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වන බව සඳහන්.

අද ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිත බව වාර්තා වනවා.

අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වෙන හයිද්‍රාබාද් හවුස් හී දී පැවැත්වීමට නියමිත අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතයි.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

හෙට (17)උදෑසන ජනපතිවරයා ඇතුළු දූත පිරිස බුද්ධගයාව වන්දනා කිරීමට නියමිතයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වනවා.

Share This