ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පවසයි
කිසිදු භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කර සිටියේ මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ අද (27) පැවති උත්සවයකට එක්වෙමින්.
අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 22ක චීන මුල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියරේ සමාරම්භය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.
මෙහිදී චීන මුල්‍යාධාර යටතේ නිවාස 1996ක් ඉදිකිරීමට යෝජිත අතර මොරටුව, බැටරිවත්ත ප්‍රදේශයේ ඉදිවන ව්‍යාපෘතිය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය මගින් නිවාස 108ක් ප්‍රවීණ කලාකරුවන් වෙනුවෙන් ලබා දීමට ද නියමිතයි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන් ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ චීන රජයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව චීන රජයට ස්තුතිය පළ කරන බවයි.
විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ශක්තිමත් පවුලක්, ප්‍රජාවක් ගොඩනැගීමටත් රජයට අවශ්‍ය බව ඇය එහිදී සඳහන් කර සිටියා.