දුම්රිය සේවය ජනහිතකාමී සේවයක් කිරීමට කැප වන සාමාන්‍යාධිකාරීවරයා කියයි
දුම්රිය සේවය ජනහිතකාමී සේවයක් කිරීමට උපරිම කැප වන බව නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ධම්මික ජයුන්දර මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (26) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
සියයට 70ක මගී ජනතාවක් පොදු ප්‍රවාහන සේවයට යොමු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වනවා.
මෙරට දුම්රිය සේවයේ පළපුරුදු, දක්ෂ කාර්ය මණ්ඩලක් සිටින බව සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ දකුණු දුම්රිය මාර්ගයේ අලුත්වැඩිය කටයුතු කිරීමේදී ඔප්පු වූ බව සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා.
බිලියන ගණන් ඇස්තමේන්තු කර වසර ගණනාවකින් නිම කිරීමට යෝජනා වූ මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම දින 57කින් අවසන් කළ බවයි, ධම්මික ජයුන්දර මහතා පෙන්වා දුන්නේ.
2000 වසරේදී සංඥා උපදේශකවරයෙක් ලෙස ඔහු 2021 වසරේදී දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර දක්වාත් ප්‍රවාහන හා මහාමාර්ග අධ්යක්ෂ ජනරාල් තනතුර දක්වාත් වැඩකටයුතු කළ මනා පළපුරුද්දක් හා අත්දැකීම් සහිත අයෙක් බවයි, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය නිවේදනය කළේ.