හින්දු ආගමික රැඳවියන්ට තෛපොංගල් දා විශේෂ අවස්ථාවක්
මෙවර තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් ලබා දී තිබෙනවා.
හෙට (14) දිනයේ හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සළසා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නීතිරීති අනුව අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.
ඒ අනුව දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා අවශ්‍ය කටයුතු සළසා ඇති බවයි ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.