දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු අනුශූරයින් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

නේපාලයේ කත්මන්ඩු නුවර දී පසුගිය 2025 මැයි 10 සිට 20 දක්වා පැවති දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරඟාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම විසින් විශිෂ්ට දක්ෂතා දක්වමින් සමස්ථ තරඟාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරඟාවලියේ දී රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 08ක් ජයග්‍රහණය කරමින් අනුශූරයින් බවට පත්විය.
ජයග්‍රාහී ශ්‍රී ලංකා යොවුන් මේස පන්දු කණ්ඩායම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (22) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවිය. එහිදී ඔවුන්ගේ දැඩි උත්සාහය සහ කැපවීම අගය කළ අමාත්‍යවරයා ඔවුන් දැක්වූ විශේෂ දක්ෂතා ප්‍රශංසාවට ලක් කළ අතර, අනාගත ජයග්‍රහණ සඳහා ද සැලසුම් සහගතව සූදානම් විය යුතු බව අවධාරණය කළේය.
ඔවුන් ලද එම ජයග්‍රහණයත් සමඟ එළඹෙන ජුනි මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ යොවුන් මේසපන්දු තරඟාවලිය සඳහා සහභාගිවීමට සුදුසුකම් ලැබීම පිළිබඳව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යවරයා මෙහිදී සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා යොවුන් මේස පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චතුර දුෂාන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.