සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නියමය පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති විගණනය සඳහා අදාළ කරගනු ලබයි.