නිරුවත පෙන්වීමට විරුද්ධව නීතිය හමුවට ගිය නිළියක් අභාවප්‍රාප්ත වෙයි

නිරුවත පෙන්වීමට විරුද්ධව නීතිය හමුවට ගිය නිළියක් අභාවප්‍රාප්ත වෙයි

1968 දී තිරගත වූ “රෝමියෝ සහ ජුලියට්” චිත්‍රපටයේ සහ “බ්ලැක් ක්‍රිස්මස්” චිත්‍රපටයේ තරුවක් වූ ඔලිවියා හසී අයිස්ලි මිය ගිය බව ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක සඳහන් වනවා.

මිය යන විට ඇයට වයස අවුරුදු 73 ක් වූ බව සඳහන්.

දෙසැම්බර් 27 වන දින තම ආදරණීයයන් වට කර ගනිමින් සාමකාමීව තම නිවසේදීම ඇය අභාවප්‍රාප්ත වූ බවයි, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇත්තේ.

“රෝමියෝ සහ ජුලියට්” චිත්‍රපටය බ්‍රිතාන්‍ය-ආර්ජන්ටිනා නිළියගේ විශාල ජයග්‍රහණයක් වූ අතර, ජුලියට් ලෙස ඇයගේ රංගනය වෙනුවෙන් ඇයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් පවා හිමි වුණා.

ෂේක්ස්පියර්ගේ සම්භාව්‍ය ප්‍රේම කතාව අනුවර්තනය කරමින් සෑදූ “රෝමියෝ සහ ජුලියට්” චිත්‍රපටය නිසාම 2022 අගභාගයේදී, හසී අයිස්ලි සහ සම නළු ලෙනාඩ් වයිටින් චිත්‍රපටය නිෂ්පාදනය කළ පැරමවුන්ට් ස්ටූඩියෝස් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණා.

ඒ ඔවුන් බාල වයස්කරුවන්ව සිටියදී නිරුවතින් පෙන්වන දර්ශන සහිතව චිත්‍රපටය නිකුත් කිරීමට ඉඩ දීම නිසායි.

පැමිණිල්ලට අනුව, ඒ වන විට පිළිවෙලින් වයස අවුරුදු 15 සහ 16 ක් වූ හසී අයිස්ලි සහ වයිටින්ට සෙෆිරෙල්ලි පැවසුවේ ඔවුන්ට නිරුවතින් රඟපෑමට සැලැස්වීම නුසුදුසු බවයි. කෙසේ වෙතත් 2023 මැයි මාසයේදී මෙම නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.

Share This