QR වලින්පොඩි කඩේටත් ගෙවන්න පහසුකම් ළගදීම– නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න

මෙම වසර තුළදී QR ගෙවීමේ පහසුකම ලබා දීමට කටයුතු කරගෙන යන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

පාරිභෝගිකයාගෙන් කිසිදු අමතර අය කිරීමක් නොමැතිව ඒ සඳහා පහසුකම් සැලසීමට සියලුම බැංකු විසින් එකඟ වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම ක්‍රමවේදය තුළින්  ග්‍රාමීය කුඩා කඩයකට වුව ද මුදල් වෙනුවට QR පහසුකම හරහා ගෙවීමට අවස්ථාව ලැබෙන බවද එය ගෙවීම් තාක්ෂණයේ නැවුම් පෙරලියක් බවද  අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share This