විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම අද සිට

විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම අද සිට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (27) ආරම්භ වනවා.

පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කරන අතර, මධ්‍යම පළාතේ මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ලේකම් කාර්යාලයේදී අද සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ.

ඌව පළාතේ මහජන අදහස් විමසීම ලබන 30 වැනිදා සිදු කරන බවත්, බස්නාහිර පළාතේ මහජන අදහස් විමසීම ලබන මස 10 වැනිදා කොළඹ දී සිදු කරන බවත් කොමිසම සඳහන් කළා.

මේ සඳහා යම් අයෙකුට ඉදිරිපත් වීමට අවශ්‍යය නම් 077-2943193 යන ව්හට්සප්ප් අංකය හරහා ලියාපදිංචි වීමට අවස්ථාව තිබෙනවා.

වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට වාර්තා වනවා.

Share This