ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යයි

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් මීට සුළු වේලාවකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ මංගල විදේශ සංචාරය මෙය වනවා.

මෙම සංචාරයේදී අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එය නවදිල්ලිහි පිහිටි රාශ්ඨපතිභවන්හිදී පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.

එමෙන්ම දිල්ලියේ පැවැත්වෙන ව්‍යාපාරික හමුවට ද අනුර කුමාර දිසානායක මහතා එක්වන බව සඳහන්.

ජනාධිපතිවරයා බුද්ගයාවේ සංචාරයක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බවයි, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

විදේශ අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් ද මෙම සංචාරයට එක්වී තිබෙනවා.

Share This