Port city යට 57.6ක දේශීය ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ Prime Group සහ Melwa Conglomerate එක්ව කොළඹ වරාය නගරයේ අක්කර 4.16ක ඉඩමක් ඇමරිකානු ඩොලර් මිලියන 57.6කට (රුපියල් බිලියන 17.5) මිලදී ගෙන ඇත.
මෙම ස්ථානයේ වසර 4ක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට නියමිත අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ වන අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක පිරිවැටුමක් අපේක්ෂා කෙරේ. වරාය නගරයේ ‘මැරීනා’ තීරයට මුහුණලා පිහිටි මෙම ඉඩම, දේශීය සමාගම් දෙකක් එක්ව වරාය නගරය තුළ මේ දක්වා සිදුකළ විශාලතම ආයෝජනයයි. ආර්ථික අර්බුදය හේතුවෙන් වරාය නගරය වසර ගණනක් ආයෝජන නොමැති පසුබිමක සිටි අතර මේ වසරේදී මෙවැනි දැවැන්ත ආයෝජන පැමිණීම ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙන්ම වරාය නගරයේ ආයෝජන සඳහා සුභවාදී දර්ශකයකි.
