ලයිසන් නැතුව තනි රෝදයෙන් වැඩ දමා අනතුරක් සිදු කරලා – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අනුරාධපුර සිට ලෝලුගස්වැව දක්වා දිවෙන අරිප්පු මාර්ගයේදී රියදුරු බලපත්රයක් නොමැති තරුණයෙකු තනි රෝදයෙන් පදවා ගෙන ගිය අධි බලැති යතුරු පැදියක්ක මාර්ගයේ ගමන් කල වෙනත් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (15) සිදු වූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ලෝලුගස්වැව, ග්රාම ප්රබෝධ මාවතේ පදිංචිව සිටි 62 හැවිරිදි විශ්රාමික රාජ්ය සේවකයෙක්.
එම ප්රදේශයේම පදිංචි තරුණයෙකු විසින් අධිබලැති එන්ජීන් ධාරිතාවයකින් යුත් යතුරු පැදියකින් අපරීක්ෂාකාරී ලෙස, තනි රෝදයෙන් ගමන් කරවමින් තිබියදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම මාර්ගයේ විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදිකරු බව පොලීසිය සඳහන් කරනවා.
ඉදිරිපස රෝදය උස්සාගෙන යතුරු පැදිය ධාවනය කල යතුරු පැදිකරු සහ ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ පසු පැදිකරු යන දෙදෙනා මෙම අනතුරින් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරට පත්වූ අධිබලැති එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදියට හා එය පැදවූ විසි හැවිරිදි තරුණයාට වලංගු බලපත්ර නොතිබූ බව ද පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.
වලංගු රිදුරු බලපත්රයක් නොමැතිව අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි එම සැකකරු අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.