උතුරු කොරියාව දැඩි අමෙරිකානු උපාය මාර්ගයක් දියත් කරයි
උතුරු කොරියාව නව වසරට පෙර එරට පාලක පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදන රැස්වීම පවත්වා තිබෙනවා.
දෙසැම්බර් 23-27 දක්වා පැවති මෙම රැස්වීම පවත්වා ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා පක්ෂ සහ රජයේ උසස් නිලධාරීන් සහභගී වී ඇති අතර,උතුරු කොරියාව තම ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.
අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීම සඳහා “දැඩිම” උපාය මාර්ගය දියත් කරන බව තීරණය කර ඇති බව උතුරු කොරියානු නායකයා එහිදී අවධාරණය කර තිබෙනවා.
දකුණු කොරියාව,අමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය අතර ඇතිව ඇති සන්ධානය “න්‍යෂ්ටික මිලිටරි කඳවුරක්” දක්වා ව්‍යාප්ත වී ඇති අතර දකුණු කොරියාව අමෙරිකා එක්සත් ජනපදය සඳහා “කොමියුනිස්ට් විරෝධී මුරපොලක්” බවට පත්ව ඇති බවයි එහිදී කිම් ජොන් අන් සඳහන් කර ඇත්තේ.
මෙම වසර මුලදී ගංවතුර හැසිරවීම සමාලෝචනය කර ඇති අතර, බලපෑමට ලක් වූවන් අගනුවර වන ප්යොංයැං වෙත ගෙන ආ සැලැස්ම ද ඊට ඇතුළත් කර තිබෙනවා.
රැස්වීම අතරතුර “මිත්‍රශීලී” රටවල් සමඟ සබඳතා ප්‍රවර්ධනය කිරීමටත්, ආරක්ෂක විද්‍යාවේ සහ තාක්ෂණයේ ප්‍රගතිය සඳහා කටයුතු කිරීමටත් උතුරු කොරියානු නායකයා ප්‍රතිඥා දී ඇති බව සඳහන්.