රත්‍රං කිලෝ නවයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රත්‍රං කිලෝ නවයක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ රත්‍රං කිලෝ 08 යි ග්‍රෑම් 960ක පමණ තොගයක් සමඟ සැකකරුවන් ‍02ක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු  සහ තෙප්පම් යාත්‍රාවක් තලෛයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව එම හමුදාව නිවේදනය කරයි.

පසුගිය 21 වැනිදා උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද විශ්වසනීය තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) තලෛයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

සැකකරුවන්, රත්‍රං කිලෝ අටයි ග්‍රෑම් නමසිය හැටක  පමණ තොගය සහ එම රත්‍රං මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ තෙප්පම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Share This