පා.ම රාමනාදන් අර්චුනා ඇප මත මුදා හැරේ
යාපනය ශීක්ෂණ රෝහල් කටයුතුවලට බාධා වන ලෙස හැසිරීම සහ රෝහලේ අධ්‍යක්ෂකවරයාට තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුුනා සහ කාන්තාවක් ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව යාපනය අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
යාපනය ශීක්ෂණ රෝහල් අධ්යක්ෂවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුුනා මහතා සහ අදාළ කාන්තාව යාපනය රෝහලට අනවසරයෙන් ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධාවන අයුරින් හැසිරුණු බවට සඳහන් කරමින් රෝහල් පාලනාධිකාරිය විසින් යාපනය පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මීට පෙරද අර්චුනා මන්ත්‍රීවරයා වෛද්‍යවරයෙකු ලෙස මන්නාරම රෝහලේ රාජකාරි කරන කාල සීමාව තුළ එම රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් එම රෝහල් අධ්යක්ෂවරයා විසින් පොලීසිය වෙත පැමිණිලි කර තිබූ අතර එහිදී අර්චුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබු බව සඳහන්.