කෝටි හයකට අධික කුෂ් තොගයක් අත්අඩංගුවට
රුපියල් හයකෝටි හැටතුන් ලක්ෂයක් වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අද (20)දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුද්ධ හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් .
අනෙක් ගුවන් මගියා අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචි රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවක් .
ඔවුන් දෙදෙනා අද දහවල් 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම ” කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 630ක ප්‍රමාණය සූක්ෂම ලෙස සගවා ගෙන තිබෙනවා.