බර එසවීමේ යන්ත්‍රයට හසුවී පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයේ පිටුපස රෝදයකට අසුවීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇත.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ කොලොන්නව පුවක් ගහ වත්ත පාරේ පදිංචි රංජිත් පෙරේරා නමැති 65 හැවිරිදි පුද්ගලයෙක් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
උරුගොඩවත්ත පවිස්සාවේල්ල පාර කන්ටේනර් හංගනයේදී කම්කරු සේවයකු ලෙස රැකියාව කර ඇති අතර අනතුර සිදුවූ එම ස්ථානයේ එම ප්‍රදේශයේ අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවත් සියලු සේවකයින් එම සම්බන්ධයෙන් දැනුවත් කර තිබියදී මිය ගිය සේවකයා රංගනය තුළ වර්ෂාවක් සමග ඇතිව තිබූ වතුර සහිත ස්ථානයක් මගහැර යාමේදී එම යන්ත්‍රය පිටුපස රෝදයට අසුවී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
බර එසවීමේ යන්ත්‍රයේ රියදුරු වන හලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එම පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
චන්දන ලක්මාල්