ලලිත් එල්ලාවල දේශපාලනයට සමුදෙයි
පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධාක ලලිත් එල්ලාවල මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
අද (27) කැඳවූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු මේ බව අනාවරණ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ලලිත් එල්ලාවල මහතා 2020 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ බව සඳහන්.
ඉන් අනතුරුව ඔහු සමගි ජන බලවේගය සමඟ එක්වුුුණා.
කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ නායකත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමකින් පසුව සිටින බවයි, ලලිත් එල්ලාවල මහතා අවධාරණය කළේ.
පක්ෂය තුළ දැඩි භේදයක් පතින බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියා.