ඉන්දියාවට ලකුණු 60ක ජයක්
කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ලකුණු 60කින් ජයගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 118ක්.
එහිදී ගොන්ගාඩි ට්‍රිෂා ලකුණු 49ක් සහ මිතිලා විනෝද් ලකුණු 16ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී අසේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා සහ ලිමන්සා තිලකරත්න කඩුලු 02 බැගින් දවාගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 119ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණයි.
එහිදී රශ්මිකා සෙව්වන්දි ලකුණු 15ක් රැස්කරගත්තා.
ශබ්නම් මද් ශකිල්, ජොෂිතා V J සහ පර්නිකා සිසෝධියා කඩුලු තුනක් දවාගැනීමටයි සමත් වුණේ.