නාවික හමුදාවේ ක්‍රියාවට ඉන්දිය රජයෙන් විරෝධය
ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දිය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුකරනු ඇති බවයි එහි දැක්වෙන්නේ.
කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකි බවත් ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමේදී මානුෂීයව කටයුතු කරන ලෙසත් ඉන්දීය රජය මීට පෙර ද ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරටේ රාජ්‍යයන් අතර ඇතිකර ගෙන තිබෙන අවබෝධය දැඩිව අනුගමනය කළ යුතු බවයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය වැඩිදුරයන් සඳහන් කර ඇත්තේ.
ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදු වුණා.
එහිදී තුවාල ලැබූ ධීවරයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ට මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරුණා.