ආබාධිත අයට විශේෂ ආධාරක උපකරණ මිලදී ගන්න දෙන මුදල ඉහළට

ආබාධිත අයට විශේෂ ආධාරක උපකරණ මිලදී ගන්න දෙන මුදල ඉහළට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට ලබා දෙන මුදල රුපියල් 50,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වී අමාත්‍ය ආචාර්ය උපාල පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව විසින් අදාළ තීරණය ගෙන ඇත.

එමෙන්ම රාජ්‍ය නිලධාරින් සදහා සංඥා භාෂාව අතිරේක විෂයක ලෙස ස්ථානපය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, ආබාධ සහිතභාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතිය ලබාදීම සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම යන තීරණ ද එම සභාව විසින් ගන්නා ලදී.

Share This