දිස්ත්‍රික්ක කිහිපයකට අද තදවැසි ඇති වන ලකුණු

දිස්ත්‍රික්ක කිහිපයකට අද තදවැසි ඇති වන ලකුණු

දිස්ත්‍රික්ක කිහිපයකට අද (23) තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නායක සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර නුවරඑළිය මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.

බස්නායක සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This