පොලිසියට ආපු අලුත් Speed Gun එක ගැන දන්නවා ද.?

මාර්ගයේ ධාවනය වන වාහනවල වේගය හඳුනාගැනීම සඳහා නවතම Speed Gun වර්ගයක් භාවිත කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
එය අමෙරිකාවේදී නවතම තාකෂණය උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කර ඇති බව සඳහන්.
1.2Km දක්වා රියදුරා සහ වාහනය නිරීක්ෂණ කිරීමේ හැකියාව පවතින බවයි, පොලිසිය ප්‍රකාශ කළේ.
ඉන් රියදුරාගේ මුහුණ සහ වාහනයේ අංකය ඡායාරූපයක් මඟින් ලබාගත හැකියි.
පටිගත වෙන වීඩියෝව සාක්ෂියක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
වාහනයේ වේගය පැය විසි හතරේම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.